ආරම්භක වසර- 1815 දී පමණය.
වසර 1815 දී පමණ මාර්ග සංවර්ධන මිණුම් කටයුතු සඳහා කෑගල්ල ප්‍රදේශයට පැමිණි මදර්ලේනා නම් ඉංජිනේරුවරයෙකු, දෝන මරියා නම් කාන්තාවක හා විවාහ වී පදිංචි වූ ස්ථානයේ වත්මන් කෑ/වලගම රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය ආරම්භ කරන්නට ඇති බවට සලකනු ලැබේ. එවකට පාසලක් බවට පත් වී නොතිබුණ ද, මදර්ලේනා සහ දෝන මරියා එක්ව අවට දරු දැරියන් ට කතෝලික දහම සහ අකුරු ඉගැන් වූ බව සඳහන් ඉතා පැරණි ලේඛනයකින් උපුටා ගත් සටහනක් අප පාසල සතුව පවතී.
19 වන සියවස අවසාන භාගයේ දී දේවාලේගම රෝමානු කතෝලික දේවස්ථානය ආරම්භකර ඇති අතර, කතෝලික දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා 1912 දී පමණ මෙම විදුහල ආරම්භ වී ඇතැයි විශ්වාස කෙරේ. එවකට මෙම පාසල බාලිකා විදුහලක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. ඒ අනුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ පැරණිම පාසල කෑ/වලගම රෝමානු කතෝලික විද්‍යාලය බව අභිමානයෙන් යුතුව සඳහන් කළ හැකිය.
කෑගල්ල රෝමානු කතෝලික දේවස්ථානය මගින් පාලනය වී 1962.07.04 වන විට විදුහල රජයට පවරා ගත් අවස්ථාවේ විදුහල්පති ලෙස එම්.ඒ.කුරේමහත්මිය සේවයකර ඇති අතර ආචාර්ය මණ්ඩලය හතර දෙනෙකි. හත්වන ශ්‍රේණිය දක්වා පන්ති පවත්වා ඇත.
1912 සිට දාහතර දෙනෙක් පමණ මේ වන විට මෙම විදුහලේ විදුහල්පති ධූරය දරා ඇත. විදුහලේ පවතින ගොඩනැගිලි දෙක අලුත්වැඩියා කිරීම, ඉදිරිපස මිදුල පුරවා සකස් කිරීම, ගේට්ටුව සවි කිරීම, පාසල් වත්ත දේවස්ථානයේ ඉඩමෙන් වෙන් කොට ගෙන කම්බි වැට ගැසීම වැනි කාර්යයන් 1991 වර්ෂයට පෙර සිදු වී තිබේ.
සංවර්ධනය :-
පෙර සිට සෑම විදුහල්පතිවරයෙක්ම මෙම පාසල ගොඩනැගීමට දැමු සවිමත් අත්තිවාරම හා දෙමාපියන්ගේ ද නොමද දායකත්වය මත පාසලේත් සිසු දරුවන්ගේත් අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කරගෙන යන ක්‍රියාකාරකම් මෙලෙස සටහන් වන වගයි.
1991 න් පසු පාසල් සංවර්ධන සමිතියේ උපකාරයෙන් වැසැකිළි - කැසිකිළි හා බුදු මැදුර සාදවා ගැනීම, 2003 වර්ෂයේ විදුලිය ලබා ගැනීම, 2004 වර්ෂයේ
ජලනල පද්ධතිය ක්‍රියාත්මක කිරීම හා අලුතින් ළිඳක් ඉදිකරදීම, කොඩි කණු හා ඒචා සිටුවීමට ස්ථානයක් සකස්කර ගැනීම සිදු වී තිබේ.
සබරගමුව පළාත් සභාව මගින් නව ප්‍රතිසංස්කරණ යටතේ 1-2 ශ්‍රේණි සඳහා නව පන්තිකාමර සැකසීම, අඩි 80 X 18 ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම 2004 වර්ෂයේ දී සිදු විය.
එළිමහන් වේදිකාව, වැසි ආවරණය, සෙල්ලම් උපකරණ සහිත සෙල්ලම් මිදුල, 90X 25 පන්ති කාමර 08 න් යුත් දෙමහල් ගොඩනැගිල්ල, ඉංග්‍රීසි ක්‍රියාකාරකම් කාමරය, ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් පද්ධතිය, අලංකාරවත් පොකුණ, පරිගණක ඒකකය, උපදේශන ඒකකය, දුරකථන හා අන්තර්ජාල පහසුකම වැනි භෞතික අවශ්‍යතා යටිතල පහසුකම් සංවර්ධනය යටතේ පාසලට ලබා ගැනීමට වත්මන් විදුහල්පති වන ජේ.පී.එච්.රත්නායක මහතා පත්වීමෙන් පසු ලබාගත් ජයග්‍රහණයන් ලෙස විශේෂයෙන් සඳහන් කළ හැකිය. 2006 – 2007 යන වර්ෂවල ජාතික ඵලදායිතා සම්මාන ලබාගැනීමට සමත් වූ මෙම විදුහලට ප්‍රමාණවත් දරු පිරිසක් හා ක්‍රියාශීලී දෙමාපියන් සමූහයක් ලැබීම නිසා, ගුණාත්මක සංවර්ධනයක් සීඝ්‍රව ලබා ඇති බව සඳහන් කළ හැකිය.
1992 වර්ෂයේ සිට ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට මෙම විදුහල සමත් වී ඇත. 2006 වර්ෂයෙන් පසුව විදුහලේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති විය.
2011 වර්ෂය වන විට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි සිසුන් 75 ක් අතරින් සිසුන් 72 ක් ම ලකුණු 100 ට වඩා ලකුණු ලබා ගනිමින් ඉදිරියෙන් සිටින අතර 2014 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් 23 දෙනකු සමත් වී ගලිගමුව කොට්ඨාසයේ පාසල් අතර උසස් ප්‍රතිඵල ලබාගත් පාසල් අතරින් එකක් බවට පත්වීමට හැකිවීම භාග්‍යයකි. වර්තමානයේ සිසුන් ඇතුළත් කිරීම සඳහා අවට පාසල් අතර ප්‍රදේශවාසීන්ගේ විශාල තරගයක් ඇති පාසලක් බවට කෑ/වලගම රෝමානු කතෝලික විද්‍යාලය සමත් වී ඇත. ඒ අනුව, ඵලසපිරි පාසලක අර්ථවත් බව හඟවමින් දරුවන් ජයග්‍රාහී මාවතකට යොමු කිරීමට අප පාසල ඉතා ක්‍රමවත් වැඩසටහන් දියත්කර ඇත.
ක්‍රීඩා කෞෂල්‍ය ඔප් නංවමින් 2011 වර්ෂයේ පළාත් ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමට අප විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු සමත් වූහ. 2010 වර්ෂයේ සමස්ත ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගාවලියෙන් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කිරීමට හැකිවීම අභිමානයෙන් යුතුව සඳහන් කරමු. එමෙන් ම අප පාසල 2010 වර්ෂයේ ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියේ D ශ්‍රේණිය ජයග්‍රහණය කළ අතර, 2011 වර්ෂයේ ඵල සපිරි පාසල් අතරින් කුසලතාවයක් හිමිකරගත් පාසලක් වීම සුවිශේෂත්වයකි. 2012 වර්ෂයේ අප පාසල කෑගල්ල කලාපයේ ඵල සපිරි පාසල් තරගාවලියේ ස්වර්ණ සම්මානය හිමිකරගත් අතර, 2013, 2014,
2016, යන වර්ෂයන් හි සබරගමු පළාත් ඵල සපිරි පාසලක් තරගාවලියේ ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලබන්නට අප විද්‍යාලය වාසනාවන්ත විය. එමෙන් ම 2018 වර්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු උවදුරින් තොර පාසලක් තේරීමේ තරගාවලියෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීම ගුරු - සිසු - දෙමව්පිය තුන් පාර්ශවයේ ම සහයෝගයේ ප්‍රතිඵලයක් බව කිව යුතුය.
මේ සා විශාල ජයග්‍රහණයන් හමුවේ 2013 වර්ෂයේ 1 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ඉල්ලුම්පත් සංඛ්‍යාව 231 දක්වා වැඩි විය. ඒ අනුව 2016 වර්ෂයේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 425 දක්වා වර්ධනය වී ඇත.
විදුහල්පතිවරුන්ගේ හා ගුරු භවතුන්ගේ නොමද කැපවීම මත මේ වන විට මෙම පාසල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් බවට පත් වී ඇති අතර, වර්තමානයේ ගුරු භවතුන් 20 දෙනෙකු හා සිසු සිසුවියන් 380 දෙනෙකුගෙන් සමන්විත 3 වර්ගයට අයත් පාසලකි.
තුන් සිය අසූවක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "අභිමානවත් වූ යහපත් ශ්‍රී ලාංකික දරුවෙක්" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2025 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
|
ආරම්භ කළ වසර |
ක්‍රි.ව.1815 දී පමණ ආරම්භකර ඇතැයි සැළකෙයි. |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
පාසලේ නම |
කෑ/වලගම රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1962 මාර්ත 19 වැනි දින |
|
පාසල පැවැත්වූ ස්ථානය |
දේවාලේගම රෝමානු කතෝලික පල්ලියේ ගොඩනැගිල්ලක |





