කෑ/රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය

slide 1.png
slide 1.png

විදුහල්පති පණිවිඩය

ඒ.යූ.ආර්.පී.බණ්ඩාර

ප්‍රාථමික අංශය යටතේ ක්‍රියාත්මක වෙමින් තෙවෙදෑරුම් ප්‍රාථමික ප්‍රධාන අවධි වල ශිල්ප කරනා අප පාසලේ ළමා ළපටින් ප්‍රදේශ‍යේ පාසල් අතර කැපී පෙනෙන දක්ෂතා පෙන්වයි. සිව් වැදෑරුම් දස්කම් පාමින් කොට්ඨාශ, කලාප, පළාත් මට්ටමේ ජයග්‍රහණ අභියස හිඳී. පුරාතනයේ සිට පාසලෙන් බිහිවී දෙස් විදෙස් වල සේවය පතල කරමින් රටේ සංවර්ධනයට උරදෙන මානව සම්පත් රාශියකි.

අප පාසලේ තොරතුරු තාක්ෂණ අංශය පසුගිය වසරවල අත්කරගත් දියුණුව නිසාම සීඝ්‍රයෙන් වෙනස් වන ලෝකය සමග අත්වැල් බැඳ පෙරට යාමට ගමන් අරඹා ඇත. ප්‍රථමික අංශයේ දරුවන්ගේ අධ්‍යාපනය සාක්ෂාත් කර ගැනීමේදී පාසල හා  එක්වන විවිධ පාර්ශවයන් සමඟ මුසු වීමට වීමට මෙම වෙබ් අඩවිය මහඟු අත්වැලක් වන බව මා හැගි විශ්වාසයයි.

පාසලේ විවිධ කටයුතු සදහා අප හා  එක්වන සියලුම දෙනාට අප පාසලේ වෙබ් අඩවිය හා මුසු වී පාසලේ උන්නතියට සහාය වන ලෙස ඇරයුම් කරමි.

මෙම ව්‍යායාමය මුදුන් පමුණුවා ගැනීමට උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය  පුදමි. දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින වැඩී, විචාරශීලී මානව පරපුරක් සමාජයට දායාද වේවායි ප්‍රාර්තනය කරමි.

ඒ.යූ.ආර්.පී.බණ්ඩාර
විදුහල්පති
කෑ/වලගම රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය.