කෑ/රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය

slide 1.png
slide 1.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එම්.සී.සී.මාරසිංහ

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව අධ්‍යාපන කොට්ඨාශයේ දීප්තිමත් ප්‍රාථමික පාසලක් වන අප පාසල තුලින් 

අධ්‍යාපනික ප්‍රතිපත්තිවලට අනුකුලව යමින් පාසල් විෂය මාලාව, විෂය සමගාමී හා විෂය බාහිර වැඩසටහන් තුළින් සමබර පෞරුෂයකින් හෙබි අනාගත වැඩ ලොවට පිවිසිය හැකි අනන්‍යතාවක් සහිත අභියෝග ජයගෙන අරමුණු කරා ළඟා වන දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා මං පෙත් විවර කිරීම අපගේ වගකීමයි.    

නව ලොවට අනුගත වෙමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කරමින් දරු දැරියන්ගේ සාධන මට්ටම් මෙන්ම නිපුණතා සංවර්ධනය ඉහළ  නැංවීමට මා බලාපොරොත්තු වේ. පාසලේ නවතම ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීමට වෙබ් අඩවි නිර්මාණ කණ්ඩායම ලබා දෙන දායකත්වය පිළිබඳ මගේ සුභ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි.

එම්.සී.සී.මාරසිංහ
නියෝජ්‍ය විදුහල්පති
කෑ/වලගම රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය.